2012-01-19

සෙනට් සභාවක්


ජාතික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා සෙනට් සභාවක් පත් කරන බව රජය පවසනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කළේ එම සභාව සඳහා සුළු ජාතීන් ද නියෝජනය වන පරිදි සාමාජිකයින් පත් කර ගන්නා බවයි.
එම සෙනට් සභාව ලබා දෙන තීරණයට අනුව 13 වැනි සංශෝධනයෙන් ඉක්මවා යාම පිළිබඳ තීරණයක් ගන්නා බව ඔහු අවධාරණය කර සිටියා.
මේ අතර පළාත් සභාවලට, ඉඩම් සහ පොලිස් බලතල ලබා දීම සම්බන්ධයෙන් ද තව දුරටත් සාකච්ඡුා පවත්වන බව ඔහු ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් යම් යම් ගැටළු පවතින බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.