අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ආර්ථීක සම්බාධක පනවා තිබීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව රජය පවසනවා. නොබැඳි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් එල්ල නොවන බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ.
වෙළෙඳ කටයුතු සඳහා විකල්පයන් සෙවීම ද ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නා.
මේ අතර සිව් වසරක ඩෙංගු මර්දන ව්‍යාපෘතින් සඳහා යූරෝපා කොමිසමෙන් යූරෝ මිලියන 1.1 ක ආධාරයක් ලබා දී තිබෙනවා. ඊට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. එල්ෆින්ස්ටන් රඟහල නවීකරණය කිරීමට ද නියමිතයි. යාපනය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය කිලිනොච්චියේ පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙගා වොට් 500 ක ගල් අඟුරු බලාගාරයක් සාම්පූර්හී ඉදිකිරීමට ද තීරණය කෙරුණා. සෝමාලියාවට සහල් මෙටි‍්‍රක්ටොන් 7500 ක් යැවීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සෝමාලියාවට ලංකාවෙන් සහල්
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.