2012-01-19

අම්පාරේ පරිපූරක වර්ජනය තවදුරටත්


අම්පාර රෝහලේ හැර සෙසු රෝහල්වල කි‍්‍රයාත්මක කළ එක්දින සංකේත වැඩවර්ජනය අවසන් කළ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා කියා සිටියේ අම්පාර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ කි‍්‍රයා කලාපයට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බවයි.
තමන් වර්ජනය කි‍්‍රයාත්මක කළ මොහොතේ සිට මෙම අධ්‍යක්ෂවරයා කි‍්‍රයා කර ඇත්තේ නීත්‍යානුකූල පදනමකින් නොවන බවටද චෝදනා කෙරුණා. වර්ජනය කි‍්‍රයාත්මක වන අවස්ථාවේ ගබඩා විවෘත කර ඖෂධ නිකුත් කිරීමට අධ්‍යක්ෂවරයා උපදෙස් දි තිබෙනවා. එහෙත් එලෙස නිකුත් කළ ඖෂධ ප‍්‍රමාණයන් පිළිබඳ ඖෂධවේදීන් වෙත අද දිනයේ ලැබිය යුතු වාර්තාව ලබාදි නැහැ. එබැවින් මෙම පියවර ගත් බවයි සංගමය කියා සිටියේ.
ඉකුත් අඟහරුවාදා බලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡුාවට අනුව සිය ඉල්ලීම් ඉටුවිය යුතු බවද සංගමය අවධාරණය කළා. එසේ නොවුණහොත් ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණික ශිල්පීන් කැඳවා ගත් දැවැන්ත වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළැඹෙන බවටද සංගමය අනතුරු ඇඟවූවා.
මේ අතර හෙට උදෑසන 8 සිට අනිද්දා උදෑසන 8 දක්වා සංකේත වැඩවර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා. එය කොළඹ ජාතික රෝහලේ පමණක් කි‍්‍රයාත්මක කරන බවයි එහි උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පැවසුවේ. සිය නොවිසඳුණු ගැටලූවට විසඳුම් ලබා ගැනීම එහි අරමුණයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.