2012-01-19

අන්තර්ජාලයේ දත්ත සොරකමක්


පෞද්ගලික බැංකු කිහිපයක අන්තර්ජාල ගිනුම් පවත්වාගෙන යන්නන්ගේ ගිනුම් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක බවට අනතුරු ඇඟවෙනවා. ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පැවසුවේ ගනුදෙනුකරු වෙත යොමු කරන ඊමේල් පණිවුඩයක් හරහා මෙය සිදු කරන බවයි. 

රෝහණ පල්ලියගුරුගේ මහතා වැඩිදුරටත් පැවසුවේ 0112 691 692 දුරකතන අංකය ඔස්සේ මෙවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. එසේම සිය වෙබ් අඩවිය ඔස්සේද පැමිණිලි සටහන් කළ හැකි බවද ඔහු ප‍්‍රකාශ කළා. පල්ලියගුරුගේ මහතා පැවසුවේ දැනමටත් මෙවැනි පැමිණිලි 10ක් පමණ ලැබී ඇති බවයි. එබැවින් විද්‍යුත් පණිවිඩ ඔස්සේ බැංකු වෙතින් යොමු කරන ලිපි පරිශීලනයේදී සැලකිලිමත් වන්නැයිද ඔහු ඉල්ලා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.