හිසෙන් ඇල්ලිය යුතු සතාගේ නගුටෙන් අල්ලා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ප්රජාතන්ත්රවාදි ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසනවා. ජාත්‍යන්තරයට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීම වෙනුවට උගත් පාඩම් හා ප්රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දෙනවා. අමෙරිකාව හෝ ලෝකයේ බලගතු රටවලට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීමෙන් සැබෑ ප්‍රශ්න වලට විසඳුමක් නොලැබෙන බව හෙතෙම කියා සිටියේය.
කළ යුත්තේ අවම වශයෙන් එකී නිර්දේශ හෝ ක්‍රියාත්මක කරන බවට එක්සත් ජාතීන්ට සහතික වීම බවද ඔහු අවධාරණය කර සිටියා.
ඇතැම්විට මෙම උද්ඝෝෂණ හේතුවෙන් ඉන්ධන මිල ඉහළයාමට එරෙහිව ජනතාව තුළ පවත්නා කෝපය තාවකාලිකව සමහන් කළ හැකිවෙනු ඇති බව ගනේෂන් මහතා පවසනවා. එසේ වුවද එය තාවකාලික පැලැස්තර විසඳුමක් පමණක් වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව අද ජාත්‍යන්තර ප්‍රජාවේ මතය බවත් ඔහු පෙන්වා දෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.