2012-02-17

සෝනු නිගම් දිවයිනට


කොළඹදී හෙට පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගීවීම සඳහා ලෝක ප්‍රකට ඉන්දීය ගායක සෝනු නිගම් අද අලුයම දිවයිනට පැමිණියා. ඔහු පිළිගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.
ඔහු සංගීත දිවිය ආරම්භ කළේ සිය පියා සමග අවුරුදු 3දී වේදිකාවට පිවිසිමෙන්.

මේ වනවිට සංගීත සම්මාන 40කට අධික සංඛ්‍යාවක් දිනා ඇති සෝනු  නිකුත් කර ඇති ගීත ඇල්බම සංඛ්‍යාව 40 ඉක්මවනවා. 38 හැවිරිදි සෝනු නිගම් හින්දි, දෙමළ, ඇසෑම්, පන්ජාබ්, බෙංගාල, මරාති, තෙළිගු ඇතුළු භාෂා රැසකින් ගීත ගායනා කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.