ක්රිකට් තරගයක් අතරතුර තරග විනිසුරුවරයෙක් විසින් ක‍්‍රීඩා ලෝලියකුට පිත්තකින් පහරදී මරා දැමීමේ සිද්ධියක් බංග්ලාදේශයෙන් වාර්තා වනවා. බංග්ලාදේශයේ උතුරු දිස්ත‍්‍රික්කයේ කිෂෝරෙගාන් හී පැවැති ක‍්‍රිකට් තරගයක් අතරතුරදීයි මෙය සිදුව ඇත්තේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 15 හැවිරිදි හස්රුල් ඉස්ලාම් නමැති මේ ක‍්‍රීඩා ලෝලියෙක් වන අතර ඔහු තරගය අතර තුරදී තරගයේ විනිසුරුගේ තීරණයකට විරෝධය පාමින් පිටියට කඩා වැදී තිබේ. පසුව දෙදෙනා අතර සිදුවූ බහින්බස් වීම දුර දිග යද්දී පිතිකරුවකු අත තිබූ පිත්ත උදුරා ගත් එම විනිසුරු ක‍්‍රීඩා ලෝලියාගේ හිසට පහර දී තිබෙනවා. පහර දීමෙන් සිදුවූ අභ්‍යන්තර ලේ ගැලීමේ හේතුවෙන් එම ක‍්‍රීඩා ලෝලියා ජීවිතක්ෂයට පත්වූ බව එරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් පහරදීමෙන් අනතුරුව එම ක‍්‍රිකට් විනිසුරු පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුව ගැනීමට පියවර ගෙන ඇති බවත් බංග්ලාදේශ පොලිසියේ ප‍්‍රධානී මෂාරෆ් හොසේන් AFP පුවත් සේවයට පවසා තිබෙනවා.
වැඩි විස්තර >>>