2012-03-05

වැඩ පෙන්වන්න වළට බැස්ස ජනක - කරමතින් ගොඩට එයි


පණපිටින් වැළලී සිය වික‍්‍රමය පෙන්වූ සිවිල් ආරක්ෂකයෙක් කන්තලේ වාන්ඇළ පන්සල් ගොඩැල්ලේදී සැබෑවටම වැළලූනේය. අඩි 6x3 වලක් කපා වලට උඩින් ලෑලි දමා ඊට උඩින් පස්දමා ගිනි ගොඩක් ගසා පැය හතකින් ගොඩ ගන්නා ලෙස පැවසූ ජනක කුමාර රත්නායක (24) සිවිල් ආරක්ෂක සෙබළා ගොඩගන්නා විට මියගොස් සිටියේය. ඔහු කන්තලේ රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි. 

මියගිය තරුණයා පොලොව යට වැළලී සිට ලෝක වාර්තාවක් පිහිටුවීමට අදාළව පෙරහුරුවක් කර තිබෙනවා. තමා විසින්ම සකස් කර ගන්නා ලද අඩි 10 ක් පමණ ගැඹුරු වලක් තුළට ඊයේ (03) පෙරවරු 9.30 ට පමණ බැස ඔහුගේ මව ඥාතී සහෝදරයෙකු සහ මිතුරෙකුගේ මාර්ගයෙන් ඊයේ (03) උදෑසන 9.30ට පමණ එම කටයුත්ත ආරම්භ කර ඇති අතර පස්වරු 4.00ට පමණ යළි පස් හා ලෑලී ඉවත් කරන ලෙස ඔහු උපදෙස් දී තිබී තිබෙනවා. පසුව මතුපිට පස් සහ ලෑලි ඉවත් කළ අවස්ථාවේ මෙම තරුණයා සිහි මුර්ජා වී සිටින අයුරු දැක කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතරල ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.



ඡායාරූප අනුග්‍රහය ලංකාදීප ඔන්ලයින්

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.