2012-03-03

දේශීය වෛද්‍ය විද්‍යාතනයේ ඉඩමත් ඉන්දියාවට විකුණයි


රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයට අයත් ඉඩමෙන් කොටසක් ඉන්දීය සමාගමකට පවරා දීමට කටයුතු කෙරෙමින් තිබෙනවා. පර්චස් 10.8ක් පමණ වන එම ඉඩම පවරාදීමට නියමිතව තිබෙන්නේ සීමා සහිත ඇට්ලන්ස් සංවර්ධන පුද්ගලික සමාගමටයි. අධි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ඉඩම යොදා ගැනෙනු ඇතැයි වෙත වාර්තා වුණා.
මෙම පවරාදීම සඳහා කැබිනට් අනුමැතියද ලැබී ඇති බවයි  පසුව කළ සොයා බැලීමකදී හෙළි වුණේ. ඊට අදාළ කැබිනට් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් වසරේ සැප්තැම්බර් මස 15 වැනිදායි.
මේ අතර දේශන ශාලා සහ වෙනත් පහසුකම් වැඩි දියුණු කර දේශීය වෛද්‍ය විද්‍යාතනය පුළුල් කරන්නැයි එහි සිසුන් සහ ආචාර්ය මණ්ඩලය වසර කිහිපයක් තිස්සේ ඉල්ලා සිටියා. එහෙත් ඒ සඳහා ප‍්‍රමාණවත් පියවර මෙතෙක් ගෙන නැහැ. වාර්ෂිකව ඊට බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව 150ක් පමණ වනවා. ආචාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 60ක්. දේශන සඳහා දැනට යොදා ගැනෙන්නේ ප‍්‍රධාන ශාලාව සහ විභාග ශාලාවයි. නේවාසිකාගාරයද සාපේක්ෂව කුඩා ප‍්‍රමාණයේ එකක්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.