2012-03-09

යුද්දෙට නැති තුවක්කුව මිතුරන්ගෙන් පළි ගනියි


යාපනය චාවකච්චේරි මුරුගන් කෝවිලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ඊයේ රාති‍්‍රයේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.  කෝවිලේ ආරක්ෂාවට යොදවා සිටි තවත් යුද හමුදා සෙබළෙකු විසින් එම වෙඩි තැබීම කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණේ.
ඔවුන් අතර ඇති වූ පුද්ගගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්. පසුව වෙඩි තැබීම සිදු කළ යුද හමුදා සෙබළාද සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් හපුආරච්චි මහතා ප‍්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.