2012-03-09

දෙවරක් මරණ දණ්ඩනයට


මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට කෑගල්ල පළාත් බද මහාධිකරණය විසින් අද මරණීය දණ්ඩනය නියම කෙරුණා. දැරණියගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයා චෝදනා ලැබ සිටියේ ඉකුත් 2002 වසරේ අපේ‍්‍රල් මස 14 වනදා සිදු වූ මනුෂ්‍ය ඝානතයක් සම්බන්ධයෙන්. මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වී මීට පෙරද එම පුද්ගලයා මරණීය දණ්ඩනයට ලක් වුණා.
ඔහු විසින් දෙවන මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇත්තේ පළමු මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග වන කාලයේ ඇප මත මුදාහැර සිටියදීයි.
මේ අතර කෑගල්ල පළාත් බද මහාධිකරණය වෙනුවෙන් ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීම විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විසින් සිදුකෙරුණා. ඇය එම අධිකරණයට පත්වීම් ලැබූවේ ඉකුත් ජනවාරි 01 වනදායි. එතැන් සිට මේ දක්වා පුද්ගලයන් 18 දෙනෙකුට ඇය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.