කහවත්ත ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ සැකකරුවන් දෙදෙනකු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමට පැල්මඬුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඬුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය නියෝග කළා.
සැකකරුවන් අධීකරණය හමුවට ඉදිරිපත් කළේ දැඩි පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේයි. මෙම සැකකරුවන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග කහවත්ත ප‍්‍රදේශයේ පැතිර ගිය ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මේ වන විට පාලනය කර තිබෙනවා.2012-03-08
කහවත්තේ අම්මයි දූයි ඝාතනයේ සැකකරුවන් CIDයට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.