කොළඹ මහ නරග සභා රැස්වීමේදී ඊයේ උණුසුම් තත්ත්වයක් මතුවූ බව වාර්තා වනවා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ නිවාස ඇතුළු ඉදිකිරීම් සිදු කරද්දී නාගරික මන්ත‍්‍රීවරුන්ට දැනුම් දිය යුතු බවට වූ මන්ත‍්‍රී යෝජනාවක් සංවාදයට ගැනීමේදී මෙම තත්වය මතුව තිබෙනවා. එහිදී ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම විසින් පෙන්වා දී ඇත්තේ පේ‍්‍රමදාස මහතා විසින් ඉදිකල මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ වත්මන් රජය විසින් තීන්ත පමණක් ගා ලකුණු දාගන්නා ක‍්‍රියාවලියක් වූ බවයි.
ඊට දැඩි විරෝධය පා ඇති විපක්‍ෂ සන්ධාන මන්ත‍්‍රීවරුන් පවසා ඇත්තේ එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු නියමිත ප‍්‍රමිතියෙන් කර ඇති බවයි. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඉදිකල මුල්ගල පවා වල් වැදී තිබියදී යළි සොයා පිළිසකර කළේ වත්මන් රජයෙන් බව මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ නාගරික මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසා තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.