සැමියා හා බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුර දිග යැමෙන් පසු තම මාස 2 ක් වයසැති කුඩා බිළිඳකුට පහරදී මරා දැමූ ඉතා ශෝචනීය පුවතක් මීගලෑව පොලිස් වසමෙන් වාර්තා වේ.
මීගලෑව - වීරගොල්ල පදිංචි මෙම යුවළ අතර පසුගිය 20 වැනි දින රාත්‍රී 9 ට පමණ තම නිවසේදී ආරවුලක් ඇති වී තිබේ. මේ අවස්ථාවේදී මව කුඩා සිඟිත්තාට කිරි පොවමින් සිටි අතර සුළු වේලාවකින් දරුවා නින්දට ගොස් තිබේ. එම අවස්ථාවේදී ද මෙම යුවළ අතර ඇතිවූ ආරවුල හේතුවෙන් දරුවා නින්දෙන් ඇහැරී හැඩීමට පටන් ගෙන ඇති අතර එම හැඩීමත් සමඟ දරුවා මව විසින් වඩා ගත් අතර පියා මවට පහර කිහිපයක් එල්ලකර ඇතග එම පහරවල් දරුවාටද වැදී ඇත. දරුවා මළානිකව සිටි අතර බිරිඳ විසින් තම සැමියාට පවසා ඇත්තේ දරුවාට අමාරු නිසා රෝහලට රැගෙන යමු යනුවෙනිග නමුත් සැමියා විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.
21 වැනි දින උදෑසන තම බිරිඳට ගමට යැමට උපදෙස් දුන් මෙම සැමියා බිරිඳ ගිය පසු තම බිළිඳා රෙදි කඩක ඔතා අසල කැලයකට විසි කර ඇති බව හෙළි වී තිබේ. 26 දින යළි බිරිඳ නිවසට පැමිණ දරුවා නිවසේ නොමැති නිසා මීගලෑව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අදාළ සැකකාර පියා සහ මව අත්අඩංගුවට ගෙන ඇතග ඔවුන්ගේ තොරතුරු මත විනාශ වී ගිය බිළිඳු මළ සිරුර ඊයේ (27 දා) සොයාගනු ලැබීය.
මව විසින් මෙම සිද්ධිය හෙළි නොකර සිටීමත් දරුවා ගමට යැමේදී රැගෙන නොයැමත් සැකයට තුඩු දුන් කරුණක් විය. අවුරුදු 18 ක් වන මවට දාව ලැබුණු පළමු දරුවා ඔහු විය. රසිඳු ගිම්හාන් නෙත්සර නම් වූ දරුවාට මාස 2 යි දින 2 ක් ගත වී තිබුණි. පියාගේ වයස අවුරුදු 19 කි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් මහතාගේ උපදෙස් මත ස.පො.අ. සමන් දිසානායක, මීගලෑව පොලිස් ස්ථානාධිපති සී.පී. ගුණසේකරල උ.පො.ප. ජයතිලක, අබේරත්න, පො.කො. ලයනල් හා කා.පො.සැ. ශ්‍රියානි යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති. ඊයේ සවස මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
Source - Divaina News Paper
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.