2012-10-03

ලිංගික අල්ලස් ඉල්ලු එස්.අයි. සහ සැරයන් මාට්ටු


ලිංගික අල්ලස් ලබාගැනීමට සූදානම් වූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශය විසින් ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විමර්ශන අංශයේ උසස් නිලධාරියකු පැවසුවේ එම වැටලීම් සඳහා  උපාය දූතයන් වශයෙන් අල්ලස් විමර්ශන අංශයේ කාන්තාවන්ද යොදවා තිබූ බවයි. පොළොන්නරුව පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකාරියකගේ පුරුෂයාට විරුද්ධව පොලීසියට කර තිබූ පැමිණිල්ලක් නැවත විභාග කර පුරුෂයා සමග සමගියෙන් සිටීමට කටයුතු කරදීමට රුපියල් දස දහසක අල්ලස් මුදලක් ඇයගෙන් ඉල්ලා එය දීමට නොහැකි නම් ඇයගෙන් ලිංගික අල්ලසක් ලෙස අඹුසැමියන් ලෙස හැසිරීමට හිඟුරක්ගොඩ ප්‍රදේශයේ රෙස්ටුරන්ට් එකක කාමරයක් තුළට කැඳවාගෙන ගිය අවස්ථාවේ පුලස්තිගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර සේනකපුර වේදනීගම පදිංචි පුද්ගලයකුට විරුද්ධව ඇති මුදල් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයේදී අවශ්‍ය සහයෝගයදීමට ඔහුගේ බිරියගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා කලාඔය ප්‍රදේශයේ හෝටලයකට ඇය කඳවාගෙන ගොස් ලිංගික කර්තව්‍ය සඳහා සුදානම් වන අවස්ථාවේ එප්පාවල පොලීසියේ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් පොළොන්නරුව සහ අනුරධපුර මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.