කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත රුවන්වැල්ලේ වෙද හාමුදුරුවන් නොහොත් රුවන්වැල්ලේ සෝභිත හිමියන් ලෙස පෙනී සිට පසුව ගිහි වු සුනිල් ශාන්ත නැමැත්තාට වසර 20ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. කෑගල්ල පළාත් බද මහාධිකරණයේ අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් අදාළ තීන්දුව නියම කර තිබෙනවා.
මෙහිදී සුනිල් ශාන්ත නැමැත්තාට රුපියල් 20,000 ක දඩයක් ද නියම කර ඇති අතරමෙම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර එකහමාරක සිරදඬුවමක් නියම කරණ බවද විනිසුරුවරිය ප්‍රකාශ කරන ලදී.
මීට අමතරව පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ලබාදෙන ලෙස නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිරදඬුවමක් නියම කරන බවට ද විනිසුරුවරිය නියෝග කර ඇත. මේ අතර අදාළ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් බව කියන පැමිණිකාරියගේ ඥාතීන් දෙදෙනෙකුට වසර 20 ක සිරදඬුවම් සහ දඩ නියම කර තිබෙනවා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.