ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනම පවත්වාගෙන යාමට අවධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යොමුව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මෙතෙක් නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව ඉන් ඉවත් කර නීතීය හා සාමය පිළිබඳ වූ නව අමාත්‍යාංශයක් යටතට පත් කෙරෙනු ඇතැයිද දැනගන්නට ඇත.
මෙම නව අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ දැනට ක්‍රියාත්මක වන අතර මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි මහතා එහි ලේකම් ධුරය දරයි.
පොලිස් ආඥාපනත ක්‍රියාවට නැංවීම නව අමාත්‍යාංශයේ මූලික කාර්යභාරය වන අතර පසුගිය අගෝස්තු 16 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 1823/70 දරණ විශේෂ ගැසට් පත්‍රයකින් මෙම නව අමාත්‍යාංශය ඇතිකරීම සිදු කර ඇත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.