හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික සහකාරවරයාව සිටි පොලිස් පරීක්ෂක ඉරෝෂ් චමින්ද විල්ලවආරච්චි නමැත්තා තවත් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර හිමිවුණා. ඒ, ඔවුන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි. බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාස් ගුණවර්ධන මහතා විසින් භාවිත කරන ලද අවිආයුධ ඔහු සන්තකයේ තිබූ බවයි විමර්ශනවලින් හෙළිව තිබෙන්නේ. වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත්‍රයාද තවමත් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
2014-02-28
වාස්ගේ ගෝල ඉරෝෂ් තවත් පැය 48ක් රඳවා ගැනීමට අධිකරණයෙන් අවසර
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.