එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල ප්රධාන මෙහෙයුම් කාර්යාලයට පෙරේදා රාත්රී ප්රහාරයක් එල්ල වී ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය පවසනවා.
ගාල්ල නාවික හමුදා කඳවුර ආසන්නයේ තිබෙන මෙම කාර්යාලයේ තිබු බැනර්, කටවුට් විශාල ප්රමාණයක් කඩා දමා ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි කෙරුණේ ගාල්ල පොලීසියටයි.
නාවික හමුදා කඳවුරක් ආසන්නයේ අති අධිආරක්ෂිත කලාපයක් තුල මෙවැනි කඩාකප්පල්කාරි ක්රියා සිදුවීම බරපතල සිදුවීමක් බවත් නීතිය සාධාරණව ක්රියාත්මක කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ගාල්ල දිස්ත්රික් එජාප අපේක්ෂක සංජීව කරුණාතිලක මහතා මෙම ප්රහාරය පිළිබද අදහස් දක්වමින් පැවසීය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.