ගාලූ ක‍්‍රිකට් සමාජ ශාලාව මාසයක පමණ සිට වසා දමා තිබීමේ හේතුවෙන් එහි සාමාජිකත්‍වය අපහසුතාවන්ට මුහුණ පා සිටිනා බව එහි සභාපති ජයන්ත ධර්මදාස මහතා වෙත දන්වා ඇතත් මේ දක්වා එය විවෘත කරන්නට කිසිදු පියවරක් ගෙන නැති බව සාමාජිකයෝ පවසති. එහි පිවිසුම් ෙදාරටුව පවා ඉබි යතුරු දමා ඇත්තේ කවර හේතුවක් නිසාදැ යි සාමාජිකත්‍වයට ගැටලූවක් වී තිබේ.
ක‍්‍රීඩා සංගම් ශාලාවේ මේ වන විට විදුලිය හා ජල සබඳතාවය ද තාවකාලිකව විසන්ධි කිරීම නිසා එහි එන යන සාමාජිකයනට ජල අවශ්‍යතා ඇවැසි වන විට සෑහෙන අපහසුකාරී තත්ත්‍වයකට මුහුණ පෑමට සිදුව ඇත.1876 දී අරඹන ලද ගාලූ ක‍්‍රිකට් ක‍්‍රීඩා සංගමය මෙසේ වසා දමන්නට හේතුවී ඇත්තේ එය දැනට පවත්වා ගෙන යන ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳ පැහැදිලි බවක් නැති වීමේ හේතුවෙන් යැයි එහි සාමාජිකයෝ අදහස් දක්වමින් අප හා පැවසූහ අවුරුදු එකසිය තිස් අටක සාඩම්බර අතීතයක් ඇති ගාලූ ක‍්‍රිකට් සමාජයට මෙවන් ඛේදනීය බවෙකට මුහුණ පෑමට සිදුව ඇත්තේ ගාල්ල මහජන ක‍්‍රීඩාංගණය සේ පැවති ගාලූ පිටිය ජාත්‍යන්තර ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් සේ බෞතීස්ම කරද්දී ගාලූපාරේ අංක 1 හි හිමිකම් 99 (අනූනම* අවුරුදු බදු ගිවිසුම් යටතේ ගාල්ල මහ නගර සභාවෙන් ලබා ගෙන ඉදිකරන ලද ගොඩනැගිල්ලක පවත්වා ගෙන යන ලද්දකි. එහෙත් ගාල්ල මහජන ක‍්‍රීඩාංගනය ජාත්‍යන්තර ටෙස්ට් ක‍්‍රිකට් කී‍්‍රඩාංගණයක්සේ වැඩි දියුණු කිරිනේ පසු 2005 වසරේ දී එය ගාලූපාරේ අංක 3බී දරන ස්ථානයේ පවත්වා ගෙන යෑමට එහි පාලනාධිකාරියට සිදු විය. එහෙත් නව ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳ කිසිදු අන්දමක නීතිමය පැවරීමක් නොමැති හෙයින් එහි සාමාජිකයන් උදෙසා පවත්වා ගෙන ගිය මත්පැන්හල් බලපත‍්‍රය මේ වසරේ නිකුත් නොකිරීම නිසා එහි පාලනාධිකාරය කිසියම් අපහසුතාවකට පත්වීම නිසා වසා දමන්නට එහි කාරක සභාව පියවර ගෙන ඇති බව සාමාජිකත්‍වය සඳහන් කරයි. අපි මේ පිළිබඳව ගාලූ පුරපති කැලූම් සෙනෙවිරත්නගෙන් මේ ගැන කළ විමසුමේ දී ඔහු ප‍්‍රකාශ කෙළේ ගාලූ ක‍්‍රිකට් සමාජය එම ගොඩනැගිල්ලේ පවත්වා ගෙන යෑමට අවශ්‍ය අනුමැතිය තමා විසින් ලබා දුන් බවයි.
මේ ගොඩනැගිල්ලේ ගැටලූව නිරාකරණය කරගන්නට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හා ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් ඊට අවැසි ගිවිසුම් පත ඉදිරි කාලයේ දි සකස් කරනා බවත් ය. අද මේ ක‍්‍රීඩා සංගමය පවත්වා ගෙන යන ගොඩනැගිල්ල කරා සාමාජිකත්‍වය කැඳවා ගෙනයන ලද්දේ වත්මන් සභාපතිවරයා පෙර අවස්ථාවෙක එහි සභාපතිත්‍වය දරමින් සිටිය දී බව සඳහන් කරනා සාමාජිකයෝ එදා මෙදා තුර ගෙවී ගිය කාලයේ දී මේ ගොඩනැගිල්ලේ අයිතිය තහවුරු කර ගන්නට පාලනාධිකාරිය අපොහොසත් වීමෙන් ගාලූ ක‍්‍රිකට් සමාජය මෙවන් ඛේදනීය තත්ත්‍වයකට මුහුණ පා ඇති බව සාමාජිකත්‍වය කරනා සඳහන බැහැර කළ නො හැකි ය.කෙසේ වුවත් ඊයේ මේ වන තුරුත් ගාලූ ක‍්‍රිකට් ක‍්‍රීඩා සංගම් ශාලාව ස්වකීය සාමාජිකත්‍වය වෙනුවෙන් විවර කර නැති බව දැකගත හැකි විය.
Source - Rivira.lk
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.