2014-03-05

රනිල් කොළඹ වරාය පුරවරයේ ටෙන්ඩර් ඉල්ලයි

කොළඹ වරාය පුරවරය ඉදිකිරීම සඳහා කැඳවූ ටෙන්ඩර් පටිපාටියේ වංචාවක්‌ සිදුව තිබේද? නැද්ද යන්න සොයා බැලීම සඳහා එම ටෙන්ඩරයට අදාළ සියලු ලියවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කරමින් විපක්‍ෂ නායක මෙසේ ද කීය.
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ යෝජනාවලියක්‌ 1985දී රජය විසින් සකස්‌ කරන්නට යෙදුණා. නැවත 1998 දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර කලාපීය ව්‍යqහාත්මක සැලැස්‌ම ඉදිරිපත් කළා. එම සැලැස්‌ම මගින් වරාය ආශ්‍රිත දියුණුවත්, ආර්ථික සංවර්ධන කේන්ද්‍ර 7 කුත් යෝජනා කළා. එම යෝජනාත් පදනම් කරගෙන 2004 දී සිංගප්පූරුවේ සෙස්‌මා ඉන්ටර්නැෂනල් සමාගම බස්‌නාහිර කලාප යෝධ නාගරික සැලැස්‌ම ආයෝජන මණ්‌ඩලයට ඉදිරිපත් කළා. ඒ සැලැස්‌මට වරාය අධිකාරියට ඇති භූමි භාගය තුළ වරාය පුරවරයකට අදාළ පහසුකම්,ගබඩා, ප්‍රතිඅපනයන කටයුතු, මෙහෙයුම් හා සමුද්‍රdසන්න කර්මාන්ත පහසුකම් පිළිබඳ යෝජනා ඇතුළත්ව තිබුණා. ඊට වුවමණා අතිරේක භූමි ප්‍රමාණය වශයෙන් හෙක්‌ටයාර 145 ක්‌ යාබද මුහුදු ගොඩ කිරීමෙන් සපයා ගැනීමට යොජනා කර තිබුණා. එසේ ගොඩ කළ භූමියේ කොළඹ කොටුවේ දිගුවක්‌ හැටියට ව්‍යාපාරික මධ්‍යස්‌ථාන ඉදිකිරීමට, ද යෝජනා කර තිබුණා. ඉහත සැලසුම් දෙකේදීම ව්‍යාපාරික, කර්මාන්ත හා සංචාරක සේවා ඇතුලු අනෙකුත් සේවාවන් ඇති කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ හඳුනාගෙන තිබුණා.
එබැවින් මේ යෝජනාවලි දෙක හා කැබිනට්‌ මණ්‌ඩලය අනුමතකළ - චයිනා කොමියුනිකේෂන් කන්ස්‌ට්‍රක්‌ෂන් කම්පැනි හෙවත් CCCC මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය අතර පවතින සම්බන්ධතාව ගැන සම්පූර්ණ වාර්තාවක්‌ මේ ගරු සභාවට ඉදිරිපත් කරන ලෙස අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
Source - Divaina

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.