අන්තර් පළාත් දුරගමන් සේවා සැපයීම සඳහා පළාත් ප්‍රවාහන අධිකාරීන් හරහා තාවකාලික මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම ඊයේ (17) සිට බල පැවැත්වෙන පරිදි අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පියවර ගෙන තිබෙනවා. තාවකාලික මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමේදී ඇතැම් පළාත් මගී ප්‍රවාහන අධිකාරීන් විසින් අක්රමික ලෙස කටයුතු කර තිබීම හේතුවෙන් ධාවනයේදී ගැටලු රැසක් පැනනැගී තිබීම මෙම තීරණය ගැනීමට හේතුවයි.
තාවකාලික මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමට හැකියාව ඇත්තේ මගී තදබදයක් තිබෙන අවස්ථාවක වුවත් ඇතැම් පළාත් අධිකාරිවල නිලධාරීන් සාමාන්‍ය අවස්ථාවලදීත් දිගින් දිගටම තාවකාලික මගී සේවා අවසර පත් නිකුත් කිරීමට ක්‍රියා කිරීමල අන්තර් පළාත් සේවා නිත්‍ය ධාවකයින්ට දැඩි බලපෑම් ඇති කිරීමට හේතු වී තිබෙනවා. මේ පිළිබඳ එම බස් හිමියන්ගෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත නිතර පැමිණිලි ලැබෙමින් පවතී. මේ හැරුණු විට අනවශ්‍ය පරිදි තාවකාලික මගී සේවා අවසර පත් නිකුත් කිරීම තුළින් ධාවකයින් අතර ගැටුම් ඇති වීම, බස් ධාවකයින් හා නියාමන නිලධාරීන් අතර ගැටුම් ඇතිවීමල දේපළ හානි සිදු වීමල තරගකාරීත්වය ආදී අහිතකර තත්ත්වයන්ද උද්ගත වේ.
මේ අනුව මෙම ගැටලුවලට නිසි විසඳුමක් සකස් කෙරෙන තුරු තාවකාලික මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පාලනය වන කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පළට පමණක් සීමා කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.