ජනතාවගේ කැමැත්තෙන් ජනතා සේවයට පත්කරගන්නා ජන නියෝජිතයින් පුර්වාදර්ශය සපයන පිරිසක් විය යුතු බවත් එය ප්‍රායෝගික ව ඔවුන්ගේ ජීවිතය තුළ තිබිය යුතු බවත් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මොරටුව බෞද්ධ මන්දිරයේ පැවැති දිවංගත බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සිරිමල් ලසින්ටන් ප්‍රනාන්දු මහතාගේ 16වැනි ගුණ සමරු උත්සවයට සහභාගි වෙමිනි.
ඉවසීම, අන් මතයන්ට ගරු කිරීම ආදී මහත්මා ගතිගුණ දේශපාලඥයෙකුට ආභරණයක් වන බවත් එවැනි පුද්ගලයින් සැමදා ජන මනස තුළ රැදෙන බවද කීය. තම දේශපාලන අරමුණු ඉලක්ක කරගන්නා අතරතුර ජනතා සේවයට මුල්තැන දී ම සිදුකළ යුතුයි. රජය මගින් ලබාදිය හැකි ප්රතිලාභ උපරිමයෙන් ම ජනතාවට ලබාදී ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කළ යුතුයි. එවිට දේශපාලන ගමන තුළ පහසුවෙන් ජනතාවට ලැදි පුද්ගලයෙකු ලෙස ගමන් කළ හැකියි. වත්මන් රජය ජනතා සුබසාධනයට අදාළ වටපිටාව දේශපාලඥයින්ට මෙන් ම ජනතාවට සලසා තිබෙනවා. එහි ගරුත්වය ජනාධිපතිතුමාට හිමිවිය යුතුයි.
ජනතා සේවයේදී පක්ෂ පාට කණ්ඩායම් නොව ප්රතිලාභ ලැබිය යුතු පිරිස ලවා ඊට පහසුකම් සැපයීම සිදුකිරීම වැදගත් බවත් ජනතාවද රජයේ සහන පමණක් බලා නොසිට එම ලැබෙන ප්රතිලාභ තුළ වර්ධනයක් පෙන්නුම් කරමින් රට සංවර්ධනය කිරීමට දායක විය යුතු වන බවත් අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාවට සමගාමී ව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් සඳහා සෙවිලි තහඩු, පාසල් පොත්, ඇස් කණ්නාඩි, වියළි සලාක හා ත්‍රීවිල් මනු බෙදාදීම ද සිදුවිය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්හාජ් අලවි මව්ලානා මහතා ඇතුළු ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්වුහග
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.