දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් කලාඔයේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එම නිසා කලාඔය අවට පදිංචිකරුවන්ට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
මේ අතර ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු තුනක් ද විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් ඉඟිනිමිටිය ජලාශයේ සහ මීඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය අවධාරණය කරනවා. පවතින වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 4ක් ද විවෘත කර ඇති බව වාර්තා වනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.