2014-02-27

රාජ්‍ය නිලධාරීන් දේශපාලන රැස්වීම්වලට එපා

මැතිවරණ ප්‍රචාරය ඉලක්‌ක කර ගනිමින් පවත්වන කිසිදු රැස්‌වීමකට රජයේ නිලධාරීන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා බස්‌නාහිර හා දකුණු පළාත් දෙකට තරග කරන ප්‍රධාන දේශපාලන පක්‍ෂවල දිස්‌ත්‍රික්‌ මෙහෙයුම් නායකයන් වෙත දැනුම් දී තිබේ.
කොමසාරිස්‌වරයා යෑවූ මෙම ලිපිවල පිටපත් අදාළ දිස්‌ත්‍රික්‌ තේරීම් භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් වෙත ද යවා තිබේ.
යම් යම් පක්‍ෂවල අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරක රැස්‌වීම් හා සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන් සහභාගී කර ගන්නා බවට පැමිණිලි ලැබී ඇති නිසා මේ පිළිබඳව වඩාත් අවධානය යොමුකරන ලෙස ද දැනුම් දී ඇත.
දේශපාලන අයිතිවාසිකම් ඇති රජයේ නිලධාරීන් ද රාජකාරි කාලය තුළ මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නා ලෙස ද කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.