2014-02-27

රත්නපුරේ මැණිකක් තුළ ස්ථූපයක්

විවිධාකාර රූ සටහන් ඇතැම් මැණික් ගල් තුළින් කලාතුරකින් දැකිය හැකි වුවත් පැරණිතම යුගයට අයත් බෞදධ ස්ථූපයක පැහැදිලිව සටහන් වී ඇති මැණිකක් රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇත. ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක් වූ මෙම මාණික්‍යය මෙරට මැණික් ඉතිහාසය තුළ හමුවී ඇති මේ ආකාරයේ එකම මැණික ලෙස මැණික් පිළිබඳ විශේෂඥයෝ හඳුන්වනවා.
කොළඹ මැණික් පිළිබඳ පර්යේෂණ ආයතනය (G.I.C.) විසින් මෙම මැණික පිළිබඳ තත්ත්ව වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙය පසින්ගල් වර්ගයට අයිති මැණිකක් බවයි. කැරට් 2.45ක බරකින් යුත් මේ මැණිකේ සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ 10ක් පමණ වෙතත් මැණික තුළ ස්ථාපයක සලකුණක් පිහිටා තිබිම නිසා මිල පිළිබඳව නිර්ණයක් කිරීමට මැණික් විශේෂඥයෝ අ‍පොහොසත්ව සිටිනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.