2014-02-27

නිමක් නොමැති දමිතා - සේමිණි ගැටුම

තම කීර්ති නාමයට හානි කළා යැයි මිලියන පන්සීයක වන්දියක් ඉල්ලමින් නිළි සේමිණී ඉද්දමල්ගොඩ දමිතා අබේරත්නට විරුද්ධව ගොනුකොට තිබුණු නඩුව හේතුවෙන් තම කීර්ති නාමයට අපහාසයක් වුණා යැයි පවසමින් දමිතා විසින් සේමිණීට විරුද්ධව මිලියන දහසක් ඉල්ලා කොළඹ මහා අධිකරණයේ නඩුවක් ගොනු කළ බව දමිතා අබේරත්න පවසනවා. 
එමෙන්ම වෙබ් අඩවිවලට තොරතුරු ලබා දුන් බවට සේමිණී නඟන චෝදනාව ඔප්පු කොට පෙන්වන්නට යැයි දමිතා එමඟින් පවසන්නීය.
මම මනුස්සකමට සේමිණීට කිව්වා කතාකරලා මේ ප්‍රශ්නය විසඳගමු කියලා. ඒක එහෙම නොකර ඇය නඩු දැම්මා. මාත් නඩුවක් දැම්මේ ඒකයි. මේ වන විට පළමු නඩුව විභාග වන නිසා මට වැඩි විස්තර කියන්න බැහැ. මේවා විසඳලා තීන්දු තීරණ ආවම වැඩි විස්තර කියන්නම්, දමිතා පැවසුවාය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.