ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 14වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් කෝලිත අරවින්ද ගුණතිලක මහතා අද සිට නිල වශයෙන් රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. 1980 වසරේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට බැඳුණු ඒ මහතා දෙවන ප්‍රහාරක බලගණයේ සේවයට එක්වූ අයෙක්. එල්.ටී.ටී.ඊයට එරෙහි ගොඩබිම් ප්රහාරවලදී සහය ගුවන් ප්‍රහාර මගින් සිය මෙහෙවර සපුරාලීමට කෝලිත ගුණතිලක මහතා සහය දැක්වූවා. දීර්ඝ කාලීන පියාසර වෘත්තිය තුළ ගුවන් නියමුවෙකු සහ උපදේශකවරයෙකු ලෙස පියාසර පැය 4000ක් සපුරා ඇති නිලධාරියෙකු ලෙස ද ඒ මහතා ගුවන් හමුදා ඉතිහාසයට එක්වුණා. 34 වසරක ගුවන් හමුදා සේවා කාලය තුළ රණශූර, රණවික්‍රම ඇතුළු දිනාගෙන ඇති පදක්කම් සංඛ්‍යාව 14ක්. ක්‍රීඩාවට ලැදි ගුණතිලක මහතා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ 2007 වසරේ සිට 2009 වසර දක්වා වූ කාල පරාසයේදීයි. මීට අමතරව ජාතික ක්‍රීඩා වෙඩි තැබීමේ සම්මේලනයේ, බැඞ්මිටන් තේරීම් කමිටුවේ සහ සියලූම ක්‍රීඩා සඳහා වූ ජාතික තේරීම් කමිටුවේද සභාපතිවරයා ලෙස ඒ මහතා කටයුතු කළා. එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් සහ කොළඹ රාජකීය යන විද්‍යාලවල කීර්තිමත් ආදි සිසුවෙක්.
2014-02-28
නව ගුවන් හමුදාපති කෝලිත අරවින්ද ගුණතිලක මහතා නිල වශයෙන් වැඩ ඇරඹීම අද
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.