ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් මහතාගේ නිල රථයට අද (28) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලීසිය පවසනවා. මිරිහාන,එදිරිසිංහ පාරේදී අලුයම 4.30 ට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසන්නේ. ඒ මොහොතේ වෛද්‍යවරයා මෝටර් රථය තුළ නොසිටි බවත්, බෙල්ලන්විල රජමහාවිහාරයේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවකට අදාළව යම් උපකරණ කිහිපයක් ගෙන ඒම සඳහා රියදුරා වෛද්‍යවරයාගේ මවගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් පොලීසිය පවසනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් රියදුරුට හානියක් සිදුවී නැතත් මෝටර් රථයට හානි සිදුවී ඇති අතර උණ්ඩ 3ක සලකුණු මෝටර් රථයේ පිටුපස දැකගත හැකි බවත් පොලීසිය සඳහන් කරයි. වැඩිදුර විමර්ශන මිරිහාන පොලීසිය විසින් සිදුකරයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.