2014-02-28

කුරුඳු තෙල් මුවාවෙන් මෙල්බන් යන්න ගිය සුදු හඳුන් තෙල් තොගයක් රේගු දැලේ

නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ සුදු හඳුන් තෙල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත්වුණා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ඇලූමිනීයම් සිලින්ඩරයක් තුළ බහා මෙම තෙල්  රැගෙන යාමට උත්සහ දැරූ බවයි. කිලෝග‍්‍රෑම් 20ක බරකින් යුත් එහි වටිනාකම රුපියල් මිලියන 7.2ක්. හොරණ ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් විසින් අදාළ තෙල් තොගය ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නගරයට යැවීමට සැලසුම් කර තිබූ බවයි මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. මෙම තෙල් තොගය රැගෙන යාමට උත්සහ දරා ඇත්තේ ඒවා කුරුඳු තෙල් බව හඟවමින්. එහි වටිනාකම ද රුපියල් මිලියනයක් පමණක් බව සඳහන් කර තිබූ බවයි ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ. සුදු හඳුන් හෝ සුදු හඳුන් තෙල් අපනයනය කිරීම වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කිරීමක් බවද ඔහු කියා සිටියා. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.