2013-09-04

හිරු මෙගා බයිට් රංගන ශිල්පියෙකු පැහැර ගනියි


හිරු රූපවාහිනී නාලිකාවේ මෙගා බයිට් වැඩසටහන විසින් ඊයේ රංගන ශිල්පියෙකු පැහැරගන ගොස් පාරේ දන ගස්සවා තර්ජනය කර බයිට් කිරීමට ගිය අවස්ථාවක් නිසා එම රංගන ශිල්පියා ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තාවේ.
ඔහු මිහිර සිරිතිලකයි. මේ දිනවල ස්වර්ණවාහිනියේ ඇන්ඩ් කොම්පැණි වල මෙන්ම හිරු රූපවාහිනී නාලිකාවේ ආටක නාටක හා පසුගියදා විකාශනය වී අවසන් වූ වැහිළිහිනි ටෙලි නාට්‍යයේද මොහු රඟපා තිබුණි.
මෙයට පෙරද මිහිර සිරිතිලක බයිට් කිරීමට ඉන්දික වික්‍රමරත්න ඇතුළු හිරුටීවී කණ්ඩායම උත්සාහ ගෙන තිබුනත් එය දැනගත් මිහිර සිරිතිලක ඔවුන් වෙත පවසා තිබුනේ මෙවැන්නක්.
"හරි හරි මම බයිට් වෙන්නම්කො .. හැබැයි ඔයගොල්ලෝ එකට මට ගෙවන්න .. නිකන් බයිට් වෙන්න බෑනේ..."
එම අසාර්ථක උත්සාහයෙන් පසුව මෙගාබයිට් කණ්ඩායම අමානුෂික අයුරින් මෙම උත්සාහය ගෙන තිබුනේ මෙයට පෙර වතාවේදී මිහිරි සිරිතිලක ඔවුන්ගේ බයිට් කිරීමට හසුකරගැනීමට නොහැකිවූ නිසාවෙනි.
මේ පිළිබඳව ඊයේ ඔහු තමන් මුහුන දුන් එම ත්‍රාශජනක අත්දැකීම විස්තර කලේ මෙලෙසින්.
ලෑන්රෝවර් වගේ ජීප් එකක් ඇවිල්ලා පාර හරස් කරලා නතර කළා. ඇවිල්ල එකසැරේටම අපේ වාහනේ රියදුරාව එලියට ඇදලා ගත්තා. මේ පලාතේ කප්පම් ගන්නේ අපි, අපි කාටවත් බය නෑ. පොලීසියට වත් අපි බය නෑ, බලාගනින් උඹට කරනදේ කියලා
ආටිස්ලා වුනාම සල්ලි තියෙන්න ඕනේ, නැත්නම් අපේ වගෙ රස්සාවක් කරපන් සල්ලි ගනින් කියලා. මම කිව්ව මම ලඟ පර්ස් එකක්වත් නෑ, මේ රූගත කිරීමක ඉඳලා එනගමන් කියලා
ඊට පස්සේ මගෙ ෆෝන් එකෙන්ම ගෙදරට කෝල් එකක් ගත්තා. අරගන කිව්වා අපි මිහිර්ව අල්ලගන ඉන්නේ දැන් මම කියන නම්බර එකට රු. 25,000ක් දාපන් කියලා. මම කිව්ව එයාට කරදර කරන්න එපා එයාට සල්ලි නෑ කියලා.
දන ගහපන් පාරේ කිව්වා. මම කිව්ව අපි සාමාන්‍යය ආටිස්ලා අපිට එහෙම කරන්න එපා , අපි කාටවත් වැරැද්දක් කරන අය නෙවෙයි කියලා. නෑ නෑ දන ගහපිය පාරේ කිව්වා. පාරේ දණ ගස්සලා කිව්වා වැඳගන ඉඳපන් කියලා.
පුදුම වීදිහට මම අසරණ වුනා. මට කරගන්න දෙයක් නෑ මම දන්න මිනිස්සු මගේ රසිකයෝ ඔක්කොම වටපිටාවේ බලාගන ඉද්දි මාව පාරේ දන ගස්සලා තිබ්බා. ඊට පස්සේ එතනට කඩුවක් අරගන කෑ ගහගන කෙනෙක් ආවා. මම ඔහුව අඳුරගත්තා. ඔහු පෞද්ගලික නාලිකාවක වැඩ කරන නිවේදකවරයෙක්. එයා ඇවිල්ලා කිව්වා අද මෙගා බයිට් වෙලා තියෙන්නේ මිහිර සිරිතිලක කියලා.
මම මේ රටේ ජනතාවත් එක්ක ගනුදෙනු කලේ රඟපෑමෙන් මිසක් වෙන කිසිම දේකින් නෙවෙයි. මාව පාරක දන ගස්සවලා වන්දලා තියාගන්න එකෙන් මගේ රසිකයන්ට ඒක න්‍රඹීමෙන් ඇතිවන සතුට මොකක්ද කියන්න මම දන්නේ නෑ.
මේක තනිකරම බලහත්කාරයෙන් මාව වැඩසටහනකට සම්බන්ධ කරගැනීමක්. මම ඒකට විරුද්ධයි. මම මෙහෙම වාහනේකින් පැහැරගන යනකොට මට හදිසි අසනීපයක් වෙලා මාව මියගියා නම් මේ ගොල්ලෝ මම වෙනුවෙන් කරන දේ මොකක්ද? සොරි කියන එකද? එහෙම නැත්නම් ඒ වාහනේ ඇතුලේ මාව මැරුනොතින් මාව පාර අයිනේ දාලා යන එකද?
එහෙම වුනොත් මේක රජයෙන් කරපු දෙයක් කියලා ඒ අයට කියන්න පුළුවන්. මගේ බිරිඳට මොන වගේ මානසිකත්වයක් ඇතිවෙන්න ඇද්ද? බැරිවෙලවත් එයාට මොකක් හරි වුනා නම් මම මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය?
මගේ අම්මට අසනීපයක් වුනා නම්, මගේ අම්ම මිය ගියා නම් මේ චැනල් එකෙන් මොකක්ද අපිට දක්වන සහයෝගය?
මට තේරෙන්නේ නෑ මේ විදිහට ආටිස්ලව අසරන කරලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වින්දනය මොකක්ද කියලා. චැනල් එකකින් කරන්න ඕනේ මිනිස්සු රසවත් කිරීම මිසක් මේ වගේ පහත් විඅන්දනයක් සපයන එක නෙවෙයි . එකට අපි වගේ අහින්සකයන් අල්ලගන්න එපා. මේ වගේ කලාකාරයන් අනතුරට හෙලන්න එපා කියන එක විතරයි මට කියන්න තියෙන්නේ.

එම වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.