2011-12-12

ඊශ‍්‍රායලයෙන් පලස්ථිනයට ප‍්‍රහාරයක්

ඊශ‍්‍රායල හමුදාවන් විසින් ලෙබනනයේ දකුණු දිග ප‍්‍රදේශවලට ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පකිස්ථාන් ඔබ්සර්වර් වෙබ් අඩවිය පවසන්නේ මෙම ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියෙකු මිය ගොස් තවත් 12 දෙනකු තුවාල ලැබු බවයි.
2009 වසරින් පසු ඊශ‍්‍රායලය විසින් ලෙබනනය වෙත එවැනි ප‍්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව ද මෙය වනවා. හිස්බුල්ල සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කළ බවයි ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කර තිබෙන්නේ.