ත්‍රීකුණාමලය පෙරියකුලමේදී EPDP සාමාජිකයකු නාඳුනන පිරිසක් විසින් ඝාතනය කිරීමත් සමග එම සංවිධානයේ සෙසු සාමාජිකයන්ට සිය ගමන් බිමන්වලදී සැලකිලිමත් වන ලෙස ආරක්ෂක අංශ විසින් උපදෙස් ලබාදී තිබෙනවා. සිය පක්ෂයේ දේශපාලන කටයුතු සිදු කිරීමේදී හා අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා ගන්නා ලෙසත් නිරන්තරයෙන් ආරක්ෂක උපදෙස් පිළිපඳින ලෙසත් දැනුම් දුන්නේ යැයි එම පක්ෂයේ ත්‍රීකුණාමල කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.
EPDP සාමාජිකයන්ට තිබූ තර්ජන ත්‍රස්තවාදය නිමා වීමත් සමග අවසන් වී ඇති බවට සිතා සිටියද දැනට කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කිරීමට නැගෙනහිරට පැමිණ සිටින බවට අනාවරණය වෙමින් පවතින නාඳුනන පිරිසක් හේතු කොට ගෙන ආරක්ෂක අංශවලින් මෙම උපදෙස් ලබා දුන්නේ යැයි පැවසෙනවා.
නාඳුනන පිරිසක් විසින් ඉකුත් මාර්තු මස 18 දා EPDP සාමාජිකයකු වූ වේලායුධන් රගුනාදන් හෙවත් මුත්තු නමැත්තා ඝාතනය කිරීමත් සමග හෙළි වූ තොරතුරු මත ත්‍රීකුණාමලය සාමාජිකයන්ට මෙම ආරක්ෂක උපදෙස් වාචිකව ලබාදී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.