දකුණු ආසියානු කලාපීය රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ රංචි නුවර බිර්සා මුණ්ඩා මලල ක්‍රීඩාංගණයේ දී ඇරඹි දෙවන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සමස්ත අනුශූරතාව හිමිකර දෙමින් රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 10 ක් හා ලෝකඩ පදක්කම් 14 ක් ලබාදුන් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උණුසුම් සුබ පැතුම් පිළිගැන්වීය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන රන් පදක්කම් ජයග්‍රහණය කළ ශිවන්ති කුමාරි (මී. 400 බාලිකා), විදූෂා ලක්ෂාණි (බාලිකා තුන්පිම්ම ඉසව්ව), සුපුන් විරාජ් රන්දෙණිය මී. 110 කඩුලු පැනීම - බාලක), ජයමාලි ගුණරත්න (උස පැනීම - බාලිකා), හිමාෂ ඒෂාන් (මී. 200 බාලක), අමන්ති ඔෂධී සිල්වා (කවපෙත්ත විසිකිරීම - බාලිකා) මීටර් 400x4/ මීටර් 100x4 බාලක සහාය දිවීමේ කණ්ඩායම සහ මීටර් 400/4 / මීටර් 100x4 බාලිකා සහාය දිවීමේ කණ්ඩායමට මෙන්ම රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපොළට පැමිනියහ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.