sport







ඩිල්ෂාන්ට දඩ
--------------
ශ‍්‍රී ලංකා පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හට දඩ නියම වී ඇතැයි වාර්තා වනවා. 
සංචාරක එංගලන්ත පිල හා ශී‍්‍ර ලංකා පිල අතර කොළඹ පී. සරා (ඕවල්) කී‍්‍රඩා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී (05) සීමාව ඉක්මවා විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කිරීම හේතුවෙන් ඩිල්ෂාන් හට සිය තරග ගාස්තුවෙන් 10‍%ක් ගෙවීමට සිදුවනවා.
අසූ අටවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ජොනතන් ට්‍රොට් පහරදුන් පන්දුවක් රැකගැනීමෙන් අනතුරුව විනිසුරු තීරණය ලබාදීමටත් පෙර සමරා ඇති ඩිල්ෂාන් පිටපිටම විනිසුරුවරුන්ගෙන් ඉල්ලීම ක් කර ඇත.
මේ අනුව ඩිල්ෂාන් විනිසුරු තීරණයක් ලබාදීමට පෙර කඩුල්ලක් දවාගැනීම සැමරීම හා පිටපිටම විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීම යන කි‍්‍රකට් රීතීන් උල්ලංඝනය කිරීමේ වරදට හසුව තිබෙනවා.
ඩිල්ෂාන් සිය වරද හා දඬුවම පිළිගෙන ඇති බැවින් මේ පිළිබඳව විභාගයක් පැවැත්වීමට අනවශ්‍ය බව තරග තීරක ජවගල් ශ‍්‍රීනාත් පවසා තිබෙනවා.





ශ්‍රී ලංකා පකිස්ථාන තරගය අතිශය තීරණාත්මකයි 


ආසියානු කුසලානය සඳහා තරඟ වදින ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙයි. බංග්ලාදේශයේ ඩකා නුවරදී දිවා රාත‍්‍රී තරඟයක් ලෙස අද දිනයේ තරඟ වදින්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායමයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් තරඟය පස්වරු 1.30ට ඇරඹේ.
මීට පෙර මුහුණ දුන් තරඟයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ විශාල පරාජයකට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම සේ වන විට සිටින්නේ ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ වන අතර තවදුරටත් තරඟාවලියේ රැඳී සිටීමට නම් අද තරඟය ශ‍්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මකය.







ඩිල්ෂාන් 8ට
ජගත් එක්දින කි‍්‍රකට් පිතිකරු ශේ‍්‍රණීගත කිරීම් සටහනේ දක්ෂතම පිතිකරුවන් දසදෙනා අතරට පැමිණීමට තිලකරත්න ඩිල්ෂාන් සමත්ව තිබෙනවා. එ් නිමා වූ සී.බී කුසලාන තුන්කොන් තරගාවලියේදී පිතකරණයෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන්. ඩිල්ෂාන් මීට පෙර එම සටහනේ පසු වුණේ 14 වැනි ස්ථානයේයි. මෙම තරගාවලියට පෙර එම සටහනේ 9 වැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර මේ වන විට පසුවන්නේ සිවුවැනි ස්ථානයේයි. එම සටහනේ 35 වැනි ස්ථානයේ පසු වූ  දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුවෙන් 18 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. නායක මහේල ජයවර්ධන පසුවන්නේ 17 වැනි ස්ථානයේයි. එක්දින කි‍්‍රකට් පිතිකිරු ශේ‍්‍රණිගත කිරීම් සටහනේ තවදුරටත් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක හසීම් අම්ලා පෙරමුණ ගෙන සිටිනවා.
ජගත් එක්දින කි‍්‍රකට් පන්දු යැවීමේ ශේ‍්‍රණිගත කිරීම් සටහනේ 17 වැනි ස්ථානය ලසිත් මාලිංගටත් , 30 වැනි ස්ථානය නුවන් කුලසේකරටත් හිමිව තිබෙනවා. එම සටහනේ ප‍්‍රථම ස්ථානය හිමිව ඇත්තේ දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩක ලොන්වැබෝයිටයි. ජගත් එක්දින දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩක ලැයිස්තුවේ ඇන්ජලෝ මැතිව්ස්ට 8 වැනි ස්ථානය හිමිව තිබෙනවා. එහි ප‍්‍රථම ස්ථානයේ පසුවන්නේ ඔස්ටේ‍්‍රලියාවේ ෂේන් වොට්සන්.






ඔස්ටේ‍්‍රලියානු සංචාරයට ශී‍්‍ර ලංකා කණ්ඩායම නම් කරයි




ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරයට සහභාගි වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකයා ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි. ඇන්ජලෝ මැතිව්ස් උපනායක ලෙස නම් කර තිබෙනවා. උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න කණ්ඩායමට ඇතුළත්.
ඳග පන්දු යවන්නන් ලෙස රංගන හේරත් සහ සචිත‍්‍ර සේනානායක කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. නුවන් කුලසේකර , ලසිත් මාලිංග, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද් හා චානක වෙලගෙදර කණ්ඩායමට ඇතුළත් සෙසු කී‍්‍රඩකයන් වනවා. දකුණු අපි‍්‍රකානු සංචාරයට එක් වූ දිල්හාර ප‍්‍රනාන්දු හා කෝසල කුලසේකර ඔස්ටේ‍්‍රලියානු සංචාරයට ඇතුළත් කර නැහැ. ඒ වෙනුවට ෆර්වීස් මහරුෆ් සහ චානක වෙලගෙදර ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. 
ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලිය ලබන මස පස්වැනිදා මෙල්බර්න් හිදි ආරම්භ වීමට නියමිතයි. ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය ලබන මස 8 වැනිදා ඉන්දීය කණ්ඩායම  එරෙහිව පර්ත් හිදි පැවැත්වෙනවා.






යෝජිත කි‍්‍රඩා පනතට මළල කී‍්‍රඩා සංගමයෙන් විරෝධය
___________________________________


(2012-01-10) ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ඉදිරිපත් කිරීමට යෝජිත ක‍්‍රීඩා පනතේ සංශෝධනයන්ට එරෙහි වීමට ජාතික මලල ක‍්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා. ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු  කියා සිටියේ ලබන 16 වැනිදා ක‍්‍රිඩා අමාත්‍යංශය සමග පැවැත්වෙන සාකච්ඡුාවක දී මේ පිළිබඳ දැනුම් දීමට නියමිත බවයි. මෙම සාකච්ඡුාව කැඳවා ඇත්තේ ද පනත පිලිබඳ ක‍්‍රිඩා සංගම්වල අදහස් දැන ගැනීමේ බලාපොරොත්තුවෙන්. ජාතික මලල ක‍්‍රීඩා සංගමය මෙම යෝජිත පනතේ ප‍්‍රධාන වගන්ති 02 කට විරෝධතාවය දැක්වීමට තීරණය කළා.      ඒ, අංක 14 සහ අංක 16 වගන්තිවලටයි. එමෙන්ම මෙම පනතේ වගන්ති සඳහා අංක යෙදීමේදී ද අඩු ලූහුඬු සිදුවී ඇතැයි සංගමය පවසනවා. එහි අංක 16 නමින් වගන්ති දෙකක් ඇතුළත්ව තිබීම නිදසුන් ලෙස දැක්විය හැකියි. කෙසේ වෙතත් මෙම පනත පිළිබඳ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් විමසා සිටියා. එහිදි ඔහු කියා සිටියේ මෙම පනත ක‍්‍රීඩා සංගම්වල යෝජනා අනුව සකස් කළ බවයි. එමෙන්ම තමන්ට හා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරල්වරියට අසාමාන්‍ය බලතල ලබා දි ඇතැයි කෙරෙන චෝදනාව ද අමාත්‍යවරයා මෙහිදි ප‍්‍රතික්ෂේප කළා.






කි‍්‍රකට් නිලවරණය ගැන ICCයට පැමිණිල්ලක්



(2012-01-03) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා නිතරගයෙන් අද (03)තේරී පත් වුණා. ඒ කී‍්‍රඩා විද්‍යා ආයතනයේ පැවැති නිලවරණයේදීයි. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වයේ සියලූ දෙනා ඉල්ලා අස්වීම හේතුවෙන් තනතුරු සඳහා පුද්ගලයන් නිතරගයෙන් තේරී පත් වුණා. ඡන්ද විමසීමක් පැවැතියේ උප භාණ්ඩාගාරික ධුරය සඳහා පමණයි. ඒ සඳහා ඉදිරිපත් වූ ගිහාන් වීරසිංහ නිලවරණයට පෙර ඉල්ල අස්වුණා. නමුත් ස්වාධීන අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වූ නිහාල් ලෙව්කේ හා අජිත් පැස්කුවල් යන මහත්වරු අතරයි මෙම ඡුන්ද විමසීම පැවතියේ. එහිදී ඡුන්ද 117ක් අජිත් හිමි කර ගනිද්දි නිහාල් ලබාගත්තේ ඡන්ද 3ක් පමණයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අභිනවයෙන් පත් වූ නිල මණ්ඩලය පහත පරිදිවේ.

සභාපති  : උපාලි ධර්මදාස මහතා

ලේකම්  : නිශාන්ත රණතුංග මහතා

උප සභාපතිවරු  :කේ. මතිවානන් මහතා හා අසංග සෙනෙවිරත්න මහතා

උප ලේකම්  : හිරන්ත පෙරේරා මහතා

භාණ්ඩාගාරික  : නුස්කි මොහොමඞ් මහතා

උප භාණ්ඩාගාරිකවරු   : අජිත් පැස්කුවල් මහතා හා නිහාල් ලෙව්කේ මහතා

විනිසුරු කමිටු සභාපති  : මොහොමඞ් අරූස් මහතා

මේ අතර කි‍්‍රකට් ආයතන නිලවරණයෙන් ඉල්ලා අස්වූ තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන මොහාන් ද සිල්වා මහතා  ප‍්‍රකාශ කළේ මෙය දූෂිත හා විනිවිදභාවයෙන් තොරව පැවැත්වූ බවයි. මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියා. නමුත් නීති මගින් නිලවරණයට එරෙහිව කි‍්‍රයාමාර්ග නොගන්නා බවයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.








ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාවේදී අළු ගසා දමයි



(2011-12-30) දිගින් දිගටම ලැබූ පරාජයේ අමිහිරි වේදනාවන් මකා දැමූ ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවේදී සිය පළමු ටෙස්ට් කි‍්‍රකට් ජයග‍්‍රහණය සනිටුහන් කිරීමට  ඊයේ සමත් වුණා.  ඒ දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරගය  ලකුණු 208කින් ජය ගනිමින්. මෙම තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 338 ක් ලබා ගත් අතර දකුණු අපි‍්‍රකානුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 168ක් පමණයි.  දෙවනි ඉනිම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 279 ක් රැස් කළා. ඒ අනුව ලකුණු 450ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානුවන් ලකුණු 241කට සීමා කරමින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් තරගයේ ජය වාර්තා කළා. වීශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේදී ලකුණු 128 කට කඩුලූ 9 ක් බිඳ හෙලූ රංගන හේරත් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා. 
මාස 18කට පසු සහ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසු ශී‍්‍ර ලංකාව ටෙස්ට් තරගයක් ජයගත් පළමු අවස්ථාවද මෙය වනවා. එමෙන්ම තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකාව ලැබූ පළමු ටෙස්ට් ජයග‍්‍රහණයද මෙයයි. 






ක‍්‍රිකට් නිලවරණය කල් යන ලකුණු 



(2011-12-28) ශ‍්‍රී  ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත්ව සිටින නිලධාරීන් තිදෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක‍්‍රීඩා සමාජ 05 ක් තීරණය කර තිබෙනවා. කේ.මතිවානන්, හිරන්ත පෙරේරා සහ අසංග සෙනෙවිරත්න යන මහත්වරුන්ට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගැනීමටයි එම ක‍්‍රීඩා සමාජ සුදානම් වන්නේ. ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් ඔවුන් නිලවරණයට ඉදිරිපත් වන බව මෙම ක‍්‍රීඩා සංගම් චෝදනා කරනවා. මේ හේතුවෙන් ඔවුන් නිලවරණයට ඉදිරිපත් වීම අත්හිටුවීමේ වාරණ නියෝගයක් ලබා ගැනීමටයි ක‍්‍රිඩා සමාජ බලාපොරොත්තු වන්නේ. මේ සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු සකස් කිරීම සඳහා ජේ්‍යෂ්ඨ ජනාධිපති නිතීඥවරයෙකුට භාර දී ඇතැයි ද වාර්තාවනවා. ඔවුන් ජනවාරි මස 02 වැනිදා අධිකරණමය ක‍්‍රියාදාමයකට අවතීර්ණ වීමට නියමිතයි. එලෙස අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගත හොත් ජනවාරි මස 03 වැනිදා පැවැත්වීමට නියමිත ක‍්‍රිකට් ආයතන නිලවරණය ද කල් යනු ඇති. 







ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩකයෝ වසර 5කට පසු කැපවීමෙන් පුහුණුවීමේ

(2011-12-28) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම යළි සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ කැපවීමෙන් පුහුණු වීම නිසා බව තිලාන් සමරවීර පවසනවා. පුහුණුවීම් සඳහා එතරම් කැපවීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමෙන් නිරීක්ෂණය කළේ වසර 5කට පසුව බවයි දකුණු අපි‍්‍රකාවේදී මාධ්‍යවේදීන් අමතමින් තිලාන් සමරවීර වැඩිදුරටත් පැවසුවේ. 
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. පළමු තරගයේදී අවමන් සහගත පරාජයක් ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන තරගයට පිවිසියේ අවමානය මකා ගැනීමේ දැඩි  ඕනෑකමකින්. අද එම තරගයේ තුන්වැනි දිනයයි. තිලාන් සමරවීර අගනා ශතකයක් රැස් කරමින් එහිදී දක්ෂතා දැක් වුවා. චානක වෙලගෙදර ලකුණු 52 කට කඩුලූ 5 යි. දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම ලකුණු 168කට සීමා කිරීමට ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන් සමත් වූණා. එය ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් ඉතිහාසයේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි. 
ඊයේ තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 07ක් රැුස්කරගෙන සිටියා. පළමු ඉනිමේදී ඔවුන් රැස් කළ ලකුනු සංඛ්‍යාව 338ක්.











ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල වසර පහකට පසු පුහුණුවීම්වලට කැපවෙති - තිලාන්ගෙන් ප‍්‍රකාශයක්.


(2011-12-28) ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම යළි සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ කැපවීමෙන් පුහුණු වීම නිසා බව තිලාන් සමරවීර පවසනවා. පුහුණුවීම් සඳහා එතරම් කැපවීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමෙන් නිරීක්ෂණය කළේ වසර 5කට පසුව බවයි දකුණු අපි‍්‍රකාවේදී මාධ්‍යවේදීන් අමතමින් තිලාන් සමරවීර වැඩිදුරටත් පැවසුවේ. 
ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. පළමු තරගයේදී අවමන් සහගත පරාජයක් ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන තරගයට පිවිසියේ අවමානය මකා ගැනීමේ දැඩි  ඕනෑකමකින්. අද එම තරගයේ තුන්වැනි දිනයයි. තිලාන් සමරවීර අගනා ශතකයක් රැස් කරමින් එහිදී දක්ෂතා දැක් වුවා. චානක වෙලගෙදර ලකුණු 52 කට කඩුලූ 5 යි. දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම ලකුණු 168කට සීමා කිරීමට ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන් සමත් වූණා. එය ශී‍්‍ර ලංකා දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් ඉතිහාසයේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් රැුස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි. 
ඊයේ තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 07ක් රැස්කරගෙන සිටියා. පළමු ඉනිමේදී ඔවුන් රැුස් කළ ලකුනු සංඛ්‍යාව 338ක්.







චන්දිමාල්ට ටෙස්ට් වරම්?


(2011-12-24) දකුණු අපි‍්‍රකාව සමග අනිද්දා ආරම්භ වන තරගයේදී නවක කී‍්‍රඩක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි විශ්වාසය පළ වනවා.  කෞෂාල් සිල්වා වෙනුවට කඩුලූ රකින්නා ලෙස දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට එක් කෙරෙනු ඇති බවයි වාර්තා වුණේ. තිසර පෙරේරා කණ්ඩායමෙන් ඉවත් කෙරෙනු ඇතැයිද, ඔහු වෙනුවට ධම්මික ප‍්‍රසාද් කැඳවෙනු ඇතැයිද විශ්වාසය පළ වනවා. කෙසේ වෙතත් කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමෙන් වැඩි වගකීමක් පිතිකරුවන්ට පැවරෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. දකුණු අපි‍්‍රකාව සමග ඉකුත්දා අවසන්  වූ ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් දැක්වූයේ දුර්වල කී‍්‍රඩා විලාශයක්. ඊට පෙර පැවැති තරග ගණනාවකදීම ශී‍්‍ර ලංකා පිතිකරුවන් අපේක්ෂිත දක්ෂතා දැක් වූයේ නැහැ.






ඇන්ජලෝ මැතිව්ස්ට යළි ආබාධයක්

(2011-12-17) සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය නිමාවේදී එහි වැඩි ගෞරව දිනා ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත්ව සිටිනවා. මේ වන විට ඔවුන් සිය පළමු ඉනිම සඳහා කඩුලූ 9ක් දැවී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 389ක්. ඒ ශී‍්‍ර ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 180ට පිළිතුරු ලෙසයි. මේ අනුව දකුණු අපි‍්‍රකානුවන් දැනටමත් ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 209ක් ඉදිරියෙන් පසුවනවා. දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් ඒ බී ඩිවිලියර්ස් ලකුණු 99 යි. නායක ග‍්‍රැහැම් ස්මිත් රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. පන්දුයැවීමේදී තිසර පෙරේරා ලකුණු 114කට කඩුලූ 3 යි. අද තරගයේ තුන්වැනි දිනය වන අතර තරගය සෙන්චූරියන් හිදි කි‍්‍රයාත්මකයි.
මේ අතර ශී‍්‍ර ලංකා උප නායක ඇන්ජලෝ මැතිව්ස් යළි ඉකිලි ප‍්‍රදේශයේ ආබාධයකට ලක්ව තිබෙනවා. පිතිකරු විශේෂඥ පුහුණුකරු මාවන් අතපත්තු මේ බව තහවුරු කළා. ඔහු පැවසුවේ මැතිව්ස් ස්කෑන් පරීක්ෂාවකට යොමු කෙරෙන බවයි. ආබාධයක් සුව වීමෙන් පසු කණ්ඩායමට එක්ව සිටි මැතිව්ස් මෑත කාලයේ පන්දු යැවීමේ නිරත වූයේ නැහැ. කෙසේ වෙතත් මෙම තරගයේදී ඔහු යළි පන්දු යැවීම ආරම්භ කිරීම මෙම ආබාධය ඇතිවීමට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා.