2012-03-05

ලංකාව ගැන චැනල් ෆෝ ‍වීඩියෝවක් 14දා එළියට


ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් වීඩියෝවක් එළිදැක්වූ බි‍්‍රතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් තවත් එවැනිම වීඩියෝවක් මාර්තු වස 14 වැනිදා එළිදැක්වීමට කටයුතු යොදා තිබේ. මෙම දෙවැනි වීඩියෝව Sri Lanka's Killing Fields ; War Crimes Unpublished ලෙස නම් කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. 
මෙහිදීද රජයේ සහ ආරක්‍ෂක අංශවල ඉහලම පෙලේ නිළධාරීන්ට යුධ අපරාධ චෝදනා එල්ල කර ඇතැයිද වාර්තා වේ.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන එනු ලබන යෝජනාවකට අදාල ඡන්ද විමසීම සිදුකෙරෙන මෙම 23 වන දිනට පෙර මෙම වීඩයෝව එම රටවල නියෝජිතයන්ට ලැබෙන්නට සැලැස්වීමද මෙහි අරමූනක් වී ඇතැයි පැවසේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.