2012-03-05

අමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයන් ඉන්නේ තානාපති කාර්යාලයේ?


‍අමෙරිකානු ආරක්ෂක අංශ කණ්ඩායම් ලංකාවේ රැඳී සිටින බවට පළවූ මාධ්‍ය වාර්තා වැරදි බවත් අමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කිරීමට පමණක් අනුයුක්ත කර තිබෙන බවත් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ත්‍රස්තවාදය මැඩීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දීමට අමෙරිකානු විශේෂ ආරක්ෂක අංශ කණ්ඩායම් ලංකාවේ රැඳී සිටින බවට පළවූ වාර්තා ලංකාව ප්‍රතික්ෂේප කරද්දී ඒ පිළිබඳව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ද ඔවුන්ගේ අදහස් දක්වා නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයක ඒ බව සදහන් වනවා.
තානාපති කාර්යාලයේ එවැනි හමුදා සාමාජිකයින් සේවය කරන්නේ ලංකාව හා අමෙරිකාව අතර ඇති කරගත් එකඟතාවයන්ට අනුව බව අමෙරිකානු තානාපති කාර්යාලයේ එම  නිවේදනයේ සදහන් වන්නේ.
කෙසේ වෙතත් ත්‍රස්තවාදය මැඩීමේ මෙහෙයුම් සඳහා සහයෝගය ලබාදීමට ලංකාව ඇතුළුව දකුණු ආසියානු රටවල් පහක අමෙරිකානු විශේෂ ආරක්ෂක කණ්ඩායම් රැඳී සිටින බවට පෙන්ටගනය ප්‍රකාශයක් කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පළවුණි.
මෙම රටවල් පහ ලෙස  ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින හා ඉන්දියාව නම් වී තිබුණු අතර ඉන්දියාවද එරට අමෙරිකානු ආරක්ෂක අංශ කණ්ඩායම් රැඳී නැතැයි ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මෙරට හමුදා ප්‍රකාශක නිහාල් හපුආරච්චි මහතා අද පෙරවරුවේදී ප්‍රකාශ කර සිටියේ එවැනි අමෙරිකානු ආරක්ෂක අංශ කණ්ඩායම් හෝ වෙනත් කිසිදු විදේශීය රටක ආරක්ෂක අංශ කණ්ඩායම් ලංකාව තුළ නොසිටින බවයි.
මේ අතර ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිවරිය ලෙස කටයුතු කල පැටි‍්‍රෂියා බුටේනස් මහත්මිය වෙනුවට නව තානාපතිනියක් පත් කර එවීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට ඉරාකයේ නියෝජ්‍ය තානාපතිනිය ලෙස කටයුතු කරන මිෂෙල් සිසොන් මහත්මිය ශ‍්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරිය ලෙස පත් කිරීමට ශ‍්‍රී ලංකා රජයෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වනවා.
සිසොන් මහත්මිය අරාබිකරයේ දේශපාලන අර්බුද ඇති වූ රටවල් ගණනාවක තානාපති ධුර දරා ඇත. බුටේනස් මහත්මිය මාරු කර යවා ඇත්තේ වොෂින්ටන් වෙතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.