2011-12-11

ගසක එල්ලෙමින් තිබූ මළ සිරුරු තුනක් එප්පාවලින් සොයා ගැනේ


එප්පාවල  කඩිගාව ප‍්‍රදේශයේ නිවසක් ආසන්නයේ ගසක එල්ලී තිබූ කාන්තා මළ සිරුරු 2ක් සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (10) අලූයම සොයාගත් බව පොලිස්  මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 15 සහ 17 වියැති තරුණියන් දෙදෙනෙකු සහ 27 හැවිරිදි තරුණයෙකි.
එම තරුණියන් දෙදෙනා සහෝදරියන් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම පිරිස එල්ලා මැරුවාද නොඑසේනම් එල්ලී මැරුණාද යන්න පිළිබඳව මෙතෙක් සාක්‍ෂි හවුරුකර ගැනීමට නොහැකිවූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා පැවසීය.