බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේදී යහපත් ප්රතිචාර නොලැබුණහොත් වර්ජනයක් කි්රයාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් ගාස්තු වැඩි කිරීම සඳහා රජයට ලබාදුන් මාසයක කාලය හෙට අවසන් වන බවයි. හෙට දහවල් රැස්වන සිය සංගමයේ විධායක කමිටුව ඒ පිළිබඳ අවසන් තීරණය ගනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තු වැඩි කළ යුතු බව එම සංගමයේ අදහසයි. එහෙත් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගෙ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්රනාන්දු මහතා පැවසුවේ බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් රජය පැහැදිලි පිළිතුරු ලබාදී ඇති බවයි. ඊට එරෙහිව වර්ජනවල නිරතවීම අසාධාරණ බව ඔහු කියා සිටියා.2011-12-13
Tags