2012-05-30

මව මැරූ පුතා සොයා පොලිස් පරීක්ෂණ


දොම්පේ කුරුඳුවත්ත දෙකටන ප‍්‍රදේශයේදී තම පුතා විසින් පහරදී මවක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 79 හැවිරිදි විතානගේ සෝමාවතී යන මහළු මවකි. සැකකාර පුතා සහ මව අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පවසනවා. 
මියගිය කාන්තාවගේ මෘතශරීරය දොම්පේ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන දොම්පේ පොලිසිය සිදුකරයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.