2012-05-30

වලවේ ගඟේත් කිරි ඉබ්බන් ආරේත් රත්‍රං


කැලණි ගගේ පූගොඩ ආශ‍්‍රිත ප්‍රදේශයට අමතරව කිරි ඉබ්බන් ආර හා වලවේ ගඟ ආශ්‍රිතවද රත්‍රන් තිබෙන බවට සාධක ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශය සඳහන් කරනවා. මීට පෙරද කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ රත්‍රන් කැණීම සඳහා බලපත්‍ර ලබාදීමක්ද සිදුකර තිබෙන බවත් මීට අමතරව රත්නපුර, බලංගොඩ යන ප්‍රදේශවලද රත්‍රන් ඇති බවට සාධක තිබෙන බවත් කාර්යංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද පවසනවා.
වාණිජමය ලෙස රන් කැණීම් සිදු කිරීමට තරම් ප්‍රමාණවත් රත්‍රන් සංචිත මෙම ස්ථාවනල ඇතිදැයි කිව නොහැකි බවද ඒ මහතා කියා සිටියා

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.