ජනාධිපති බරක් ඔබාමාගේ ආර්ථික වැඩපිලිවෙලට එරෙහිව අමෙරිකාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙනවා. බොස්ටන් නගරයේ පැවැති විරෝධතාවයක් පොලීසිය විසිරුවා හැරියා. විරෝධතාකරුවන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. අමෙරිකාවේ මේ දිනවල පවතින ශීත සමය නොතකා ජනතාව විරෝධතාවල නිරත වීම විශේෂත්වයක්.
මේ අතර රුසියාවේ මොස්කව් නුවරද ඊයේ විරෝධතා පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මැතිවරණය දූෂිත බව ප‍්‍රකාශ කරමින්. මොස්කව් නුවරට අමතරව නගර 14ක පැවැති විරෝධතාවලට හතළිස් දහසකට ආසන්න රුසියානුවන් එක්ව සිටියා. පසුගිය 4 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් රුසියා පක්ෂය ආසන 238ක බලය හිමිකර ගත්තාx රුසියානු පාර්ලිමේන්තුව සතු ආසන සංඛ්‍යාව 450ක්.