අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වනවා. ලබන 21 වැනි දින දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3921කදී විභාගය පැවැත්වෙන බවයි. මෙවර විභාගය සඳහා පන්ලක්ෂ 31,325ක් පෙනී සිටිනවා. ඉන් 1,46,230ක් පෞද්ගලික අයදුම්කරුවන්. පෙර වසරට වඩා මෙවර අයදුම්කරුවන් 22,909ක් වැඩි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. විභාගය සඳහා පිළිගත හැකි අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු වනවා.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම තවත් සති 3කින් ප‍්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. මේ වන විට උසස් පෙළ පැරණි සහ නව නිර්දේශවල ඉසෙඞ් ස්කොර් සැකසීම සිදු කෙරුණා. විභාග දෙපාර්තමේන්තුව මීට පෙර ප‍්‍රකාශ කළේ උසස් පෙළ ප‍්‍රතිඵල 3 වැනි පාසල් වාරය අවසන් වීමට පෙර නිකුත් කිරීමට හැකි බවයි.