කාන්තාවක් සමග අනියම් ලෙස ලිංගික සුව විඳීමට උත්සහ කළ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු සොරකමට ලක්වූ පුවතක් හලාවතින් වාර්තා වනවා. එම පිරිමියාගේ වයස අවුරුදු 62 ක්. කාන්තාවගේ වයස අවුරුදු 52 ක් පමණ වනවා. ඔවුන් දෙදෙනා පෙරේදා රාත්රිය ගතකර ඇත්තේ හලාවත ප්රදේශයේ තානායමකයි. එහෙත්, ඊයේ උදෑසන කාන්තාව කාමරයේ සිට නැහැ.
රාත්රියේදී පිරිමි පුද්ගලයා බීමත්ව තිබෙනවා. කාන්තාව කාමරයෙන් පිටවගොස් ඇත්තේ ඔහු සතුව තිබූ රන් දම්වැළක් සහ රන් මුදුවක්ද සොරාගෙනයි. ඒවායේ වටිනාකම රුපියල් 1,45,000 ක් පමණ බවටයි ගණන් බලා තිබෙන්නේ. පොලීසියට කෙරුණු පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා.2012-04-02
සැප ගන්න ගිහින් කර ගත්ත දෙයක්....
Tags
Subscribe to:
Post Comments (Atom)
Commented By හදවතින්ම ශ්රී ලාංකිකයි කවුරු වැරදි කලත් සොබා දහම දඩුවම් දෙනවා කියන්නේ එකට තමයි...
ReplyDelete