2017-01-16

බත්තලන්ගුණ්ඩුවේදී පොලීසියේ දෙදෙනෙකුට ප්‍රහාරයක්

කල්පිටිය - බත්තලන්ගුණ්ඩුව දූපතේදී එල්ලවූ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකුව වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.

15 වැනිදා රාත්‍රී 8.30 ට පමණමෙම සිද්ධිය සිදුවී ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කල්පිටිය පොලීසියට අනියුක්තව බත්තලන්ගුණ්ඩුව දූපතේ පිහිටි පොලිස් මුරපොලේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් වන 21058 දිසානායක සහ 9187 ජයරත්න නම් නිලධාරීන් දෙදෙනෙකි.ඒ අතරින් බරපතල තත්ත්වයේ පසුවූ පොලිස් කොස්තාපල් දිසානායක යන අයව කල්පිටිය දිසා රෝහලේ සිට පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.

පසුගිය 15 වැනිදා රාත්‍රී 8.00 ට පමණ බත්තලන්ගුණ්ඩුවව පොලිස් මුර පොල වෙත පැමිණ ඇති එම දූපතේ තාවකාලිකව පදිංචිව සිටි මීගමුව - වැල්ල වීදියේ ස්ථීර පදිංචිය ඇති මේරි බර්නදෙත් ප්‍රනාන්දු (අවු:56) යන අය පවසා ඇත්තේ තම පුතා නිවස තුළ ‍කලබල කරමින් පහර දෙන බවය.

එම පැමිණිල්ලට අනුව පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අදාල නිවස වෙත ගොස් ඇත.එහිදී එම නිවස තුළ කලබල කරමින් සිටි අය එක් වරම පැන පොලිස් නිලධාරීන්ට තම අත තිබූ තියුණු ආයුධයකින් පහර දී ඇත.

පහර කෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාව නාවුක හමුදා යාත්‍රාවක් ආධාරයෙන් ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ගෙනවිත් ඇතුළත් කර ඇත.

පසුව දූපත්වාසීන්ගේද සහාය ඇතිව බත්තලන්ගුණ්ඩුව පොලිස් මුරපොල් සේවය කරන පොලිස් නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.



සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කල්පිටිය පොලීසියට බාර දී ඇත. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.