2012-01-19

A/L Results අවුල ලිහන්න - අන්තරයෙන් උද්ඝෝෂණ


උසස් පෙළ විභාග ප‍්‍රතිඵල අර්බුදය කඩිනමින් විසඳන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. ඒ කොළඹ කොටුවේදියි.
ඔවුන් ප‍්‍රකාශ කළේ උසස් පෙළ ප‍්‍රතිඵල සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි.
මේ අතර පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව කොළඹ විශ්ව විද්‍යාලයේ සමස්ථ ශිෂ්‍ය පීඨ එකමුතුව අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, එම විශ්ව විද්‍යායේ නීති පීඨය ඉදිරිපිටදියි. එහි කැඳවුම්කරු නජිත් ඉන්දික ප‍්‍රකාශ කළේ යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනතේ නම වෙනස් කිරීමෙන් පමණක් තමන් සැහීමකට පත් නොවන බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.