2011-12-12

එජාපයේ 25න් 17ක් සම්පූර්ණයි


එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙහි පුරප්පාඩු වී තිබු තනතුරු 25 න් 17 ක් අද සම්පූර්ණ කෙරුණා. ඒ, එම පක්‍ෂයේ උපදේශක මණ්ඩලය විසින් ඒකමතිකව ගත් තීරණයට අනුවයි. පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ නියෝජ්‍ය නායකයන් වන කරු ජයසූරිය සහ සජිත් පේ‍්‍රමදාස, මහලේකම් තිස්ස අත්තනායක සහ ජාතික සංවිධායක රවී කරුණානායක යන මහත්වරුන් සාකච්ඡාවට එක්ව සිටියා.
පුරප්පාඩු වී තිබු තනතුරු 25 න් 07 ක් සඳහා පුද්ගලයින් නම් කළ යුතු වන්නේ පක්‍ෂ නායකයා විසින්. එම පුද්ගලයින් ඉදිරි දින කිහිපයේ දී නම් කරන බව රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා. වෘත්තිය සමිති නියෝජනය කරමින් පත්කළ යුතුව සිටි පුද්ගලයින් 05 දෙනාගෙන් එක් අයෙකු ද අද පත් කෙරුණේ නැහැ. ඊට හේතුව එක් වෘත්තිය සමිතියක් අක‍්‍රියව තිබීමයි.  එලෙස ඉතිරි වී තිබෙන පුරප්පාඩු ද සම්පූර්ණ කිරිමෙන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන 13 වැනිදා රැස්වීමට නියමිතයි. ලබන වසර සඳහා පක්‍ෂයේ නිලධාරීන් තෝරා ගැනීම එහිදී සිදු කෙරෙනු ඇති.