2011-12-12

සාමාන්‍ය පෙළ විභාගය පළමු දිනයේම අවුල්

අද ආරම්භ වු අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉබ්බාගමුව, අල් නූර් මුස්ලිම් පාසලේ දී පෙනී සිටින අපේක්‍ෂකයින් පිරිසක් අපහසුතාවයකට ලක්වුණා. ඒ, අදට නියමිත ඉස්ලාම් ධර්මය ප‍්‍රශ්න පත‍්‍රය එම පාසලට ලැබී තිබුණේ අවශ්‍ය සංඛ්‍යාවට වඩා අඩු ප‍්‍රමාණයක් වීමෙන්. අවශ්‍යව තිබු ප‍්‍රශ්න පත‍්‍ර සංඛ්‍යාව 100 ක් පමණ වනවා.
එහෙත් ලැබී තිබුණේ ප‍්‍රශ්න පත‍්‍ර 20 ක් පමණයි. එම ප‍්‍රශ්න පත‍්‍ර ඡායා පිටපත් කර අනෙක් අපේක්‍ෂකයන්ට ලබා දී තිබෙනවා. විභාගය ආරම්භ කිරීම නියමිත වේලාවට වඩා පමා වු බවයි අප වාර්තාකරු පැවසුවේ. ඒ වෙනුවෙන් අපේක්‍ෂකයින්ට අතිරේක කාලයක් පිරිනැමුණා. විභාග කොමසාරිස්වරයාගේ අනුමැතියට යටත්ව ඊට පියවර ගත් බවයි ඉබ්බාගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හේරත් කුලසේකර මහතා පැවසුවේ. අල් නූර් මුස්ලිම් පාසලට ප‍්‍රශ්න පත‍්‍ර ලබා දෙන විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට ද ඉස්ලාම් ධර්මය ප‍්‍රශ්න පත‍්‍රය ලැබී තිබුණේ අවශ්‍ය සංඛ්‍යාවට වඩා අඩු ප‍්‍රමාණයක් බව ඒ මහතා පැවසුවා.
මේ පිළිබඳවිභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහ මහතාගෙන් ද විමසීමට අප  උත්සහ කළා. එහෙත් දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා එය සාර්ථක වුයේ නැහැ.