2011-12-15

ගණිතයේ ලකුණු සීමාව පහත දමලා

අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වීම සඳහා වන ලකුණු සීමාව 17 දක්වා පහත හෙළා ඇතැයි පාර්ලිමේන්තුවේදී අද අනාවරණ වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක මහතා කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපන හැකියාවේ මිනුම් දඬු මෙලෙස පහත දමා ඇති බවයි.
වැඩි සිසුන් පිරිසක් විභාගය සමත් කරවීම මෙම ලකුණු ප‍්‍රමාණය පහත හෙළීමට හේතුවයි. එමගින් අධ්‍යාපනයේ ගුණාතමකභාවය මැනිය නොහැකි බවද මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා. එහෙත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පැවසුවේ තමා ඒ පිළිබඳ කිසිත් නොදන්නා බවයි. විවිධ කාලවලදී ප‍්‍රශ්න පත‍්‍රයේ ස්වභාවයට අනුව සාමාර්ථය ලබා දෙන ලකුණු මට්ටමේ සුළු වෙනස් කිරීම් සිදු කරන බවද සිහිපත් කෙරුණා. කථානායක චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මෙවැනි ගැටලූ පිළිබඳ වහා සොයා බැලීම අවශ්‍ය බවයි

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.