2011-12-15

නීතිය ලිහිල් වුවද එළවළු සැපයුමේ තරමක අඩුවක්

සහන කාලයක් ලබා දුන්නද ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වෙත අද දිනයේ එළවළු සැපයුම් තවදුරටත් අඩාල වී පැවතුණා. පිටකොටුව මැනිං වෙළෙඳපොළට අද දිනයේ ළඟා වූයේ එළවළු ලොරි 40ක් පමණයි. සාමාන්‍යයෙන් දිනකට ඒ වෙත ළඟා වන ලොරි සංඛ්‍යාව 150කට ආසන්න වනවා.
ප්ලාස්ටික් කූඩ භාවිතය සඳහා සහන කාලය ප‍්‍රකාශයට පත් කෙරුණේ ඊයේ රාති‍්‍රයේයි. ඒ අනුව එළවළු තොග සූදානම් කිරීමට ගොවීන්ට නොහැකි වීම මෙම තත්වයට  හේතුවන්නට ඇතැයි එම වෙළෙඳපොළ වෙළෙඳ පොළ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේ මහතා ප‍්‍රකාශ කළා.

මීගොඩ , දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු සැපයුම්ද අද මුළුමනින්ම යථා තත්වයට පත් වූයේ නැහැ. එහෙත් සමස්ත ආර්ථික මධ්‍යස්ථාන එ්කාබද්ධ එකමුතුව පවසන්නේ මෙම තත්වය කඩිනමින් පහව යනු ඇති බවයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.